විදුහල්පති පණිවිඩය
පුස්සැල්ලාකන්ද මහා විද්‍යාලය

ගුණාත්මක අධ්‍යාපනයක් තුලින් ගුණාත්මක සමාජයක් බිහි කරලීම අරමුණු කර ගනිමින් ඌව පළාතේ වියලුව කලාපයට අයත් දීප්තිමත් හා විශිෂ්ට පාසලකි . කලාප , පළාත් , සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ විවිධ විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ ලබා ගනිමින් වර්ෂයක් පාසා විශ්වවිද්‍යාල වරම් හිමි කරගත් විද්‍යාර්ථින් බිහිකරනු ලබන පාසලකි. මානව සමාජයේ යහපත් මිනිසුන් තැනීමේ මූලික පුරුක පාසල බවට පත් කරමින් නුතනයේ පාසලෙන් බිහි වූ කිර්තිමත්හා දෂතම සිසුන් රටේ උන්නතිය වෙනුවන් කටයුතු කිරීම ඊට සාක්ෂි වේ.
නුතනයේ දී ලොවම විශ්ව ගම්මානයක් කරා යන ගමනේදී අප විද්‍යාලය සම්බන්ධ විවිධ තොරතුරු සන්නිවේදනය කර ගැනීම සදහා මෙම වෙබ් අඩවිය ඉතා ප්‍රයෝජනවත් වේ යයි මම විශ්වාස කරමි. මෙම කාර්යයේදී අප පාසලේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වි පාසලේ ඉදිරි දියුණුව වෙනුවෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.
මෙම කර්තව්‍යය සාර්ථකව නිමා කර ගැනීම සඳහා ශ්‍රමය,කාලය කැප කළ සැමට හෘදයාංාංගම ස්තුතිය පුද කරන අතර අප පාසලේ දරු දැරියන්ගේ යහගුණ මෙන්ම නැණගුණ ද දියුණු වේවායි ප්‍රර්ථනා කරමි.
විදුහල්පති,
පුස්සැල්ලාකන්ද මහා විද්‍යාලය