1931 වර්ෂයේ පුස්සැල්ලාකන්ද ශ්‍රී මහා විහාරය මුල් කර ගෙන සිසුන් 35 දෙනෙකුගෙන් ආරම්භ වූ අතර ඒ සඳහා පූජ්‍ය දඹගහපිටියේ ධම්මානන්ද හිමි හා පුස්සැල්ලාකන්දේ ශ්‍රී මහා විහාරාධිපති කොහානේ උපසේන හිමිපාණන් වහන්සේගේ මග පෙන්වීම ඉවහල් විය.
විජයානන්ද ශ්‍රී මහා විහාරය ආශ්‍රිත ආරම්භ වූ මෙම පාසල , ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවත්ම පාසල සඳහාම වෙන් වූ විහාරස්ථානය ආසන්නයේ නව භූමි භාගයක් වන වත්මන් ස්ථානයට 1944 වර්ෂයේ ගෙන එනු ලැබීය. නිළ වශයෙන් 1944 ක් වූ ජූනි මස 17 වන දින රජයේ විද්‍යාලයක් වශයෙන් මෙම විද්‍යාලය පිළිගන්නා ලදි. රජයේ අනුග්‍රහය ඇතිව 50 x 20 අධ්‍යයන ශාලාවක් සහ යාබඳ ගුරු නිවාසයක් ඉදි කළ අතර වර්තමානයේදී එය පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ල වේ. එවකට පහළ බාලාංශයේ සිට 05 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වූ කුඩා පාසලකි.
1955 වර්ෂයේ 1-8 දක්වා පංති පැවැත්වීමට රාජ්‍ය අනුමැතිය ලැබුණු අතර අභිනවයෙන් 40 x 20 අධ්‍යයන ගොඩනැගිල්ලක් ද රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබුණි.1958 වර්ෂයේ 1 සිට අ.පො.ස සා/පෙළ පන්තිය දක්වා පංති පැවැත්වීම වර්ධනය වූ අතර ආරම්භක අවස්ථාවේදී අ.පො.ස සා/පෙළ සිසුන් 03 දෙනෙකු ඉගෙනුම ලැබීය.
1978 වර්ෂයේ මහා විද්‍යාලයක් බවට උසස් වූ මෙම විද්‍යාලය එම තත්ත්වයට ගෙන ඒම සඳහා එවකට විදුහල්පති ව සිටි කේ.එම්.එම් . සුගතදාස මැතිතුමාගේ උත්සහය ඊට ඉවහල් විය. මෙම වර්ෂයේදීම විද්‍යාලයට අභිනවයෙන් 40 x 20 අධ්‍යයන ගොඩනැගිල්ලක් ද රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබුණි.1989 වර්ෂයේ විද්‍යාලයට පිවිසුම් මාර්ගයක් ඉදි කරනු ලැබූ අතර විදුලි බලය ලබා ගැනීිමට හැකි විය. විද්‍යාලයට ඈත ප්‍රදේශ වලින් පැමිණි ගුරුභවතුන්ගේ පහසුව සඳහා 20 25 ගුරු නිවාසයක් රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබුණි. 1990 වර්ෂයේ විද්‍යාලයට අඩුවක් ව පැවති විද්‍යාගාර පහසුකම් ලබා දෙමින් මිනි ලැබ් කට්ටලයක් ලැබුණු අතර විද්‍යාලයීය ජල සැපයුම් සඳහා නළ මාර්ගයක් ද ඉදි විය. මෙම වර්ෂයේම විද්‍යාලයට අවශ්‍ය ව තිබූ බුදු මැදුර ගුරු දෙගුරු සහභාගිත්වයෙන් හා අනුග්‍රහයෙන් නිම කරන ලදි.
1991 වර්ෂයේ විද්‍යාගාර ගොඩනැගිල්ලක් ලැබුණු අතර 60 20 අධ්‍යයන ගොඩනැගිල්ලක් ද රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබුණි. 1995 වසරේ මුල් අඩ භාගයෙ ජාත්‍යන්තර සැලසුම් ආයතනයේ අනුග්‍රහයෙන් තූර්ය වාදන උපකරණ කට්ටලයක් ලැබුණු අතර ප්‍රාථමික අංශය සඳහා ළමා උයනක්ද ඉදි කර දෙනු ලැබිණි. දැනට එම ආයතනය පාසලේ ක්‍රීඩා පිටිය වැඩි දියුණු කරමින් සිටී.
වර්තමානයේ දී 1-13 වසර දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ සිසුන් 306 සිටින අතර ගුරුවර ගුරුවරියන් 25 කින් සමන්විතය.
දැනට මෙම විද්‍යාලයේ චිත්‍ර/ නැටුම්/ සංගීත විෂයයන් උගන්වනු ලබන අතර තාක්ෂණ විෂයයන් /කෘෂි විද්‍යාව/ගෘහ විද්‍යාව හා වාණිජ්‍ය හා ගිණුම්කරණ විෂයයන් උගන්වනු ලබයි.